28.4 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසැමියාගේ මරණයට සැකපිට නීතීඥ බිරිය අත්අඩංගුවට

සැමියාගේ මරණයට සැකපිට නීතීඥ බිරිය අත්අඩංගුවට

අගලවත්ත, කැකුලන්දල ප්‍රදේශයේ ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර සිය සැමියා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අගලවත්ත, කැකුලන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පවුල් ආරවුලක් මත අදාළ පුද්ගලයාට ඇසිඩ් ප්‍රහාරය එල්ලවී ඇති බවට පොලීසිය සැකපළ කරයි.

අත්අඩංගුවට ගත් කාන්තාව 38 හැවිරිදි වියේ පසුවන නීතිඥවරියක් වන අතර එම පිරිස අතර ඇයගේ 64 හැවිරිදි වියේ පසුවන බාප්පා සහ 36 හැවිරිදි වියේ පසුවන සහෝදරයාද සිටී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.