26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමති සුසිල් නිව්යෝර් ක් යයි

ඇමති සුසිල් නිව්යෝර් ක් යයි

එක්සත් ජාතීන්ගේ 77 වන මහා සමුළුවට සමගාමීව එක්සත් ජනපදයේ නිව්යෝක්හි පැවැත්වෙන අධ්‍යාපන පරිවර්තන සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එක් වී තිබේ.

ලොවපුරා ඇතිවී ඇති ගෝලීය අධ්‍යාපන අර් බුදයට විසඳුම් සෙවීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි. රාජ්‍ය නායකයින්, ලොවපුරා රටවල් රැසක අධ්‍යාපන අමාත්‍යවරුන් මෙම සමුළුව සඳහා සහභාගී විය.

තවද අධ්‍යාපනය සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය පහසුකම (IFFEd) එළිදැක්වීම ද මෙහිදී සිදුවිය. කොවිඩ් 19 වසංගතයේ බලපෑමෙන් සහ ගෝලීය ආර් ථික අර් බුදය හමුවේ පීඩා විඳින රටවල්වල අධ්‍යාපනය නගාසිටුවීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීම මෙමගින් සිදු කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත කළ කරුණු දැක්වීම සමඟ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහාද ඉදිරියේදී මෙම මූල්‍ය පහසුකම ලැබෙනු ඇත.