― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොන්සියුලර් කටයුතු අංශය යථා තත්වයට

කොන්සියුලර් කටයුතු අංශය යථා තත්වයට

පසුගියදා කොන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රාදේශීය කාර් යාලවල සහතික කිරීමේ ඇති වූ පරිගණක පද්ධතියේ බිඳවැටීම යථා තත්ත්වයට පත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඒ අනුව එම සේවාවන් නැවත අද (20) සිට නැවත එම කටයුතු ආරම්භ කර ඇති බව ඔවුන් ජනතාවට දැනුම් දෙනු ලබයි. සේවා ලබා ගැනීමට පැමිණෙන අයගේ පහසුව සඳහා වැඩි විස්තර දැනගැනීමට පහත දුරකතන අංක ඔස්සේ අමතන්නැයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

• කොන්සියුලර් අංශය, කොළඹ 1 0112338812/0112338843
• ප්‍රාදේශීය කාර්‍යාලය, යාපනය 0212215970
• ප්‍රාදේශීය කාර්‍යාලය, ත්‍රිකුණාමලය 0262223182
• ප්‍රාදේශීය කාර්‍යාලය, මහනුවර 0812384410
• ප්‍රාදේශීය කාර්‍යාලය, කුරුණෑගල 0372225941
• ප්‍රාදේශීය කාර්‍යාලය, මාතර 0412226697