26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිනාඩි 10කදී දුම්රිය ආසන ලක්ෂයක් වෙන් කෙරේ

විනාඩි 10කදී දුම්රිය ආසන ලක්ෂයක් වෙන් කෙරේ

කලින් දුම්රිය ආසන වෙන්කිරීමේ ක්‍රියාවලිය යළි සකස් කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ විනාඩි 10ක පමණ කාලයකදී අන්තර් ජාලය ඔස්සේ දුම් රිය ආසන ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් වෙන්කිරීමට ජනතාව උත්සහ කිරීම හේතුවෙනි.

දෛනිකව පෙරවරු 10.00 ට අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන්කරගැනීමට විවෘත කළ පසු පෙරවරු 10.10 පමණ වන විට ආසන වෙන්කිරීම අවසන් වන බව පැවසූ එම නිලධාරියා කියා සිටියේ ඒ අනුව ආසන වෙන්කරගැනීමට ලබාදී තිබූ දින 14ක කාලය දින 30 ක් දක්වා ඉහළ දැමූ බවයි.

සියයට 60ක් අන්තර් ජාලයෙන්ද, සියයට 40ක් දුම්රිය ස්ථානයෙන්ද වන පරිදි කලින් වෙන්කර ගත යුතුයි.