27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalබෝධිය වටේ පහන් පත්තු කරගන්න! - පොහොට්ටු ලේකම්ගෙන් සංඝරතනයට උපදෙස්

බෝධිය වටේ පහන් පත්තු කරගන්න! – පොහොට්ටු ලේකම්ගෙන් සංඝරතනයට උපදෙස්

රට වෙනුවෙන් ටිකක් ඉවසීමෙන් ඉන්නැයි තමන් සංඝරත්නයෙන් ඉල්ලා සිටින බවත් “ඉස්සර වගේ පන්සලේ බෝධිය වටේ පහන් ටිකක් පත්තු කරලා අපි බෝධි පූජාව කරමු” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) පක්ෂ කාර් යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම මත මෙරටට අත්වෙලා තියෙන තත්ත්වය මොකක්ද කියන එක දැන් අපිට තේරෙනවා. මොකද ඔවුන් රටකට උදව් කරනකොට රටකට ආර්ථික සහයෝගය දෙනකොට ඒ සම්බන්ධයෙන් එන කොන්දේසි මාලාවක් තියෙනවා. මම හිතන්නේ ජනතාවගේ විදුලි බිල වැඩිවෙලා තියෙනවා. ජල බිල වැඩිවෙලා තියෙනවා. ආර්ථික වශයෙන් යම්කිසි අපහසුතාවයන්වලට මුහුණදෙන්න සිදුවෙලා තියෙනවා. ජාතික ආර්ථිකයක් ගොඩගන්නේ නැතුව ණය මත පදනම් වෙච්ච ආර්ථිකයකට යන්න ගියාම මෙවැනි දේට රටක් හැටියට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් ඒ සිදුවීම තමයි වෙලා තියෙන්නේ.

මම දැක්කා විදුලි බිල වැඩි කිරීම ගැන පහුගිය දවස්වල ලොකු කළබගෑනියක් කරනවා. අපේ ස්වාමීන් වහන්සේලාගේත් ලොකු විරෝධයක් තියෙනවා, පන්සල්වල විදුලිබිල වැඩිවෙලා කියලා, ඉතා ගෞරවයෙන් අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා අපේ හාමුදුරුවනේ මේ දේ කැමැත්තෙන් රජය විසින් කරන දෙයක් නෙමෙයි. ඉතින් අපි බෝධි පූජාව කරන වෙලාවට ඉස්සර වගේ පන්සලේ බෝධිය වටේ පහන් ටිකක් පත්තු කරලා අපි බෝධි පූජාව කරමු. ආයිත් අපිට පුළුවන් වෙයි නුදුරු අනාගතයේදී ලස්සනට විදුලි ආලෝකයෙන් ඒ දේ කරන්න. එතකල් අපි පොඩ්ඩක් රට වෙනුවෙන් ඉවසමු කියන ඉල්ලීම කරනවා.”