― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසාමාන්‍ය පෙළ සමත් සිසුන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව

සාමාන්‍ය පෙළ සමත් සිසුන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව

සාමාන්‍ය පෙළ සමත් සිසුන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ලබා ගැනීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

මෙම ශිෂ්‍යත්වය සඳහා අධ්‍යයන කලාපයකින් සුදුසුකම් ලබන සිසුන් 30 දෙනෙකු තෝරා ගැනේ. ඒ අනුව දිවයින පුරා අධ්‍යාපන කලාප 99ක් යටතේ තේරී පත්වන සිසුන් 2970කට මෙම ශිෂ්‍යත්වය පිරිනැමේ.

ශිෂ්‍යත්වය සඳහා තෝරාගත් සිසුන්ට මසකට රුපියල් 5,000 බැගින් ඔවුන් උසස් පෙළ සමත් වන තුරු පිරිනමනු ලැබේ.