27.8 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋඩුවේ ධම්මාලෝක හිමියන්ට වරෙන්තු

උඩුවේ ධම්මාලෝක හිමියන්ට වරෙන්තු

උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) වරෙන්තුවක් නිකුත් කළේය.

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් තමන්ට කරදරයක් වන අයුරින් කටයුතු කළ බවට උඩුවේ ධම්මාලෝක හිමියන්ට එහෙහිව ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලකට අදාළව අධිකරණයේ පෙනී නො සිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේ දී ධම්මාලෝක හිමියන් අධිකරණයට පැමිණ නො සිටි අතර නඩුව එළඹෙන ඔක්තෝබර් 31 වැනිදා යළි කැඳවීමට තීරණය කර ඇත.