27.8 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධි ආරක්ෂිත කලාප ගැසට්ටුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අධි ආරක්ෂිත කලාප ගැසට්ටුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇති අධි ආරක්ෂක කලාප ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

හර් ෂණ රාජකරුණා සහ මුජුබර් රහුමාන් යන පාර් ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර් ෂණ රාජකරුණා මහතා මෙසේද කීය.

රනිල් රාජපක්ෂ මෙම ආණ්ඩුව රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරන්න මර් දනය කරන්න එක එක ගැසට් නිවේදන යොමු කරනවා. දැන් අධි ආරක්ෂක කලාප කියල වෙන්කරලා තියෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි රටේ ජනතාව ආණ්ඩුවට විරුද්ධව ඇති කරනු ලන රැල්ල මර් දනය කරන්නේ කොහොමද? දැන් අලුත් නීතියක් ගෙනල්ලා විරෝධතාවක් පවත්වනවා නම් ඒකට කලින් අවසර ගන්නත් ඕනේ කියල. නීතිපති විතරක් නෙවෙයි අද වෙනකොට මේකට ජාත්‍යන්තරයෙනුත් විරෝදතා මතුකරලා තිබෙනවා.”