25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි - ඩයනා ගමගේ

ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි – ඩයනා ගමගේ

ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ බීබීසීය සමඟ කළ සංවාදයකදීය.

එහිදී ඇය පෙන්වා දුන්නේ බෞද්ධ රටක් වන තායිලන්තය ගණිකා වෘත්තිය නීතිගත කර ඇති අතර ඒ තුළින් ඔවුන්ගේ ආගමට හෝ සංස්කෘතියට හානියක් සිදුවී නොමැති බවයි.

කංසා අපනයනය නීතිගත කළ හැකි ආකාරය සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කිරීමට ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවත් ඒ සඳහා නිලධාරීන්ගෙන් බාධා එල්ල වන බවත් ඇය එම සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවාය.

ශ්‍රී ලංකාවට GSP බදු සහන ලබා ගැනීමට සහ IMF ණය ලබා ගැනීමට නම් 22 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරිය එහිදී අවධාරණය කළාය.