31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝල්ෆේස් විරෝධතාවයේ දී ඇල්ලූ පාසල් සිසුවෙක් මුදාහැරේ – අනෙක් පිරිස අද අධිකරණයට

ගෝල්ෆේස් විරෝධතාවයේ දී ඇල්ලූ පාසල් සිසුවෙක් මුදාහැරේ – අනෙක් පිරිස අද අධිකරණයට

අරගලයේ විරුවන් සිහිකිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (09) ගාලුමුවදොර පැවති විරෝධතාව අතර තුර අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවෙක් මුදාහැර ඇති බව වාර්තා වනවා.

මෙහිදී අත්අඩංගුවට පත් අනෙක් පුද්ගලයින් සිව්දෙනා අද (10) දිනයේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අරගලයේ සාමාජිකයින් පිරිසක් විසින් සංවිධාන කර තිබූ එම සැමරුමට ආරම්භයේ සිටම ආරක්ෂක අංශවලින් බාධා එල්ල වුණා.

කෙසේ වෙතත් විරෝධතාවට එක්වූ පිරිස ඉටිපන්දම් දල්වමින් අරගලකරුවන් සිහි කිරීමට කටයුතු කළ අතර, එහිදී පොලිසිය ඔවුන්ට දැනුම් දුන්නේ එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසටයි.

පසුව එහි උණුසුම් තත්ත්වයක් හටගත් අතර එහිදී පුද්ගලයින් කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වුණා.