26.7 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුහුණු සරසවියේ වෛද්‍ය සිසුන් 263කට වැඩ වරදියි

රුහුණු සරසවියේ වෛද්‍ය සිසුන් 263කට වැඩ වරදියි

රුහුණ විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට කොන්දේසි පනවමින් අපහසුතාවයට පත් කිරිමේ සිද්ධියක් එම විශ්ව විද්‍යාලයෙන් වාර් තා වෙයි.

එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන අවසන් වන තෙක් එහි වෛද්‍ය පීඨයේ සිසුන් 263 දෙනකුට කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළු වීම තාවකාලිකව තහනම් කළ බවයි එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර් ය සුජීව අමරසේන මහතා ප්‍රකාශ කර සිටියේ.

සිදු කරනු ලබන විමර් ශනයේදී යම් හෙයකින් නවක වදය දී ඇති බව හෙළි වුවහොත් එම සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කර විශ්ව විද්‍යාලයෙන් නෙරපීම වැනි දැඩි දඩුවම් පැමිණවීමට තමා කිසි විටෙක පසු බට නොවන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.