― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමහබැංකු අධිපතිට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

මහබැංකු අධිපතිට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පාහියංගල ආනන්ද සාගර හිමියන් සහ රවි කුමුදේශ් මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන නොවැම්බර් 4 වැනිදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය 10 වැනිදා නියෝග කළා.

ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්වී ඇති බැවින් විදේශ රටවලින් ලබාගෙන ඇති ස්වෛරීය ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවට මහ බැංකු අධිපතිවරයා පසුගිය අප්‍රේල් 4 වැනිදා කළ ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් එම පෙත්සම ගොනුකර තිබිණි.