30.6 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

බ්‍රිතාන්‍යයේ 03 වන චාල්ස් රජුගේ කිරුළු පැළඳීමේ උත්සවය සඳහා දින නියම වී තිබේ.

ඒ අනුව 2023 වසරේ මැයි 06 වැනිදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී ඔහුගේ රාජාභිෂේකය පැවැත්වීමට නියමිත බව බකින්හැම් මාලිගය නිවේදනය කර ඇත.

බ්‍රිතාන්‍යයේ රජු ලෙස චාල්ස් මේ වනවිටත් නම් කර ඇති අතර චාරිත්‍රානුකූලව සිදුවන සාම්ප්‍රදායික අභිෂේක මංගල්‍යය බ්‍රිතාන්‍යය රජ පවුලේ අතිශය වැදගත් උත්සවයක් ලෙස සැලකේ.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ රජ පවුල අභිෂේක උත්සවයකට සූදානම් වන්නේ වසර 70 කට පසුවයි. එමෙන්ම බ්‍රිතාන්‍යය රජ පවුලේ රාජාභිෂේකයක් සෙනසුරාදා දිනයේදී පැවැත්වෙන්නේ 1902 වසරින් පසුව පළමු වරට බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.