28.4 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෛත්‍රීගේ රිට් පෙත්සම පිළිබඳ නියෝගය ලබන 14 වැනිදා

මෛත්‍රීගේ රිට් පෙත්සම පිළිබඳ නියෝගය ලබන 14 වැනිදා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලේ විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය ලබන 14 වැනිදා ප්‍රකාශයට කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එදින පෙත්සම්කාර මෛත්‍රිපාල සිරිසේනද අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව අභියාචනාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට අද (12) දැනුම් දුන්නිය.

මෛත්‍රීපාල සිරිසේන විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.