28 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑකොළොස් ලක්ෂයකට අලෙවි වූ දඹුල්ලේ මල් වට්ටිය

එකොළොස් ලක්ෂයකට අලෙවි වූ දඹුල්ලේ මල් වට්ටිය

අභිනවයෙන් ඉදිවන ධර්ම ශාලා ගොඩනැගිල්ලට ආධාර පිණිස තෙදිනක් පුරා පැවති පිංකම් මාලාවේ අවසන් දින මල් බඳුන් වෙන්දේසියේදී මල් වට්ටියක් රුපියල් ලක්ෂ එකොලහකට අලෙවි වීමේ පුවතක් දඹුල්ලෙන් වාර්තා වෙයි.

දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ලෙනදොර – කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ධර්ම් ශාලා ගොඩනැගිල්ල ඉදිකර ගැනීම උදෙසා මෙම පිංකම් මාලා සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

එහිදී මල් වට්ටියක් රුපියල් ලක්ෂ එකොළහකට, ගීතයක් රුපියල් පන්දහසකට හා පොල් ගෙඩි හාර දහසක් රුපියල් ලක්ෂ දෙකකට වෙන්දේසි වී තිබේ.