29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමැතිවරණ මුදල් සම්බන්ධ නව නීති පද්ධතියක්

මැතිවරණ මුදල් සම්බන්ධ නව නීති පද්ධතියක්

එක් එක් දේශපාලන පක්ෂවලට සහ අපේක්ෂකයන්ට මැතිවරණ සඳහා වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සීමා කිරීමට නව නීති පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් විශාල ලෙස මුදල් වියදම් කර මනාප ලබාගැනීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම නව නීතිය හඳුන්වා දීමට කටයුතු කර තිබේ.

1977 මැතිවරණයේදී වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සීමා වූ අතර පසුව හඳුන්වා දුන් මනාප ඡන්ද ක්‍රමය යටතේ ඇතැම් අපේක්ෂකයන් එක් මැතිවරණයකට මිලියන 20ත් 50ත් අතර මුදලක් වැය කරන බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට කමිටුවක් පත්කිරීමට පියවර ගනිමින් සිටින බව ආරංචිමාර්ග සඳහන් කරයි.