31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොස්තාපල්වරියකගේ නළල සිපගත් සැරයන් ගැන විමර්ශනයක් ඇරඹේ

කොස්තාපල්වරියකගේ නළල සිපගත් සැරයන් ගැන විමර්ශනයක් ඇරඹේ

පොලිස් කොස්තාපල්වරියකගේ නළලට බලහත්කාරයෙන් හාදුවක් දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි අදාළ පොලිස් කොස්තාපල්වරිය රාජකාරි කටයුත්තක් සදහා පාර්ලිමේන්තු පොලිසියේ කාර්යාලයට යමින් සිටිය දී පඩිපෙලක් අසළ රැදී සිටි පොලිස් සැරයන්වරයා ඇයගේ පිටුපසින් පැමිණ බලහත්කාරයෙන් නළල සිපගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සිදුවීමෙන් බියට පත්ව ඇති පොලිස් කොස්තාපල්වරිය ඒ සම්බන්ධව ළමා හා කාන්තා කාර්යාංශය පැමිණිලි කර ඇති බව සඳහන්.

පාර්ලිමේන්තු කොට්ඨාසයේ පොලිස් සැරයන්වරකුට එරෙහිව මෙලෙස විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.