27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහොර ලේඛන සකසා සිදුකරන වාහන ජාවාරමක් හෙළි වෙයි

හොර ලේඛන සකසා සිදුකරන වාහන ජාවාරමක් හෙළි වෙයි

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කිරීමට උත්සාහ කළ මෝටර් රථයක් සමඟ පුද්ගලයෙකු පානදුර – වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

22 හැවිරිදි වියේ පසුවන අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ලක්ෂ 70ක් පමණ වටිනා මෝටර් රථයක් රුපියල් ලක්ෂ 25කට පමණ අලෙවි කිරීමටයි මොහු සූදානම්ව ඇත්තේ.

මිල අධික මෝටර් රථයක් අඩු මිලකට අලෙවි කිරීමට සූදානම් වන අයෙකු පිළිබඳව ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

වලාන දූෂණ මර්දන ඒකකය උපාය දූතයෙකු මාර්ගයෙන් මෝටර් රථය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා නාරාහේන්පිට ප්‍රදේශයට ගෙන්වාගෙන ඇති අතර, එහිදී සැකකරු සහ මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

පසුව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අදාළ මෝටර් රථයේ චැසි අංකය වෙනස් කර ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු සතුව තවත් වාහන කිහිපයක් ඇති බව ද අනාවරණය කරගෙන තිබෙනවා.