26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsව්‍යාජ දත්ත ඇතුළත් කර සුඛෝපභෝගී වාහන 14ක් මුදා හැරලා

ව්‍යාජ දත්ත ඇතුළත් කර සුඛෝපභෝගී වාහන 14ක් මුදා හැරලා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සාවද්‍ය ලෙස දත්ත ඇතුළත් කරමින් සුඛෝපභෝගි ජීප් රථ 11ක් ඇතුළු වාහන 14ක් නීත්‍යානුකූල වාහන ලෙස මෙරට භාවිතය සඳහා මුදා හැර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තවේ මෙම තොරතුරු සන්දහන් වෙයි.

මේ හේතුවෙන් එම මෝටර් රථ සදහා නිෂ්පාදන හා සුඛෝපභෝගි බදු මෙන්ම අනිකුත් රජයේ අය කිරීම් ලෙස අයවිය යුතු රුපියල් හතලිස්නම කෝටි අනුපන්ලක්ෂ හැටනමදහස් තුන්සියයක (499,569,300) ආදායමක් රජයට අහිමි වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

රේගු බදු නොගෙවා නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කළ හෝ මෙරටදී නීතිවිරෝධී ලෙස එකලස්කළ හෝ වාහන 14ක දත්ත මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සාවද්‍ය ලෙස ඇතුළත් කොට ඇති බව විගණනය මගින් අනාවරණය කොට තිබේ.

පරිගණක පද්ධතියට සාවද්‍ය ලෙස නව ලියාපදිංචි දත්ත ඇතුළත් කොට ඇති අතර කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අයකර නොතිබූ බව එම දත්ත වාර්තාවේ දැක්වේ.

මේ හේතුවෙන් රජයට අහිමි වී ඇති ලියාපදිංචි ගාස්තු ආදායම රුපියල් 335,300ක් බවට ගණන් බලා තිබේ.

එමෙන්ම සුඛෝපභෝගි ජිප්රථ වලින් රජයට අහිමි වී ඇති සුඛෝපභෝගි බදු ආදායම රුපියල් 37.50000කි. මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකොට නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.