― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාවිකයින් 06ක් රැගත් යාත්‍රාවක් දින 20ක සිට අතුරුදන්

නාවිකයින් 06ක් රැගත් යාත්‍රාවක් දින 20ක සිට අතුරුදන්

දකුණු මුහුදු තීරයේ මෙහෙයුම්වල නිරතව සිටී නාවිකයින් හය දෙනෙකු සමඟ යාත්‍රාවක් දින 20 ක පමණ කාලයක සිට අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව පවසනවා.

පසුගිය 16 වැනිදා ඔවුන් මෙහෙයුමක් සඳහා දකුණු මූහුදු තීරයට ගොස් ඇති බවයි නාවික හමුදා ප්‍රකාශක කැප්ටන් ඉන්දිකද සිල්වා මහතා සඳහන් කළේ. අදාල නාවික යාත්‍රාව සමග පැවති සියලු සන්නිවේදන සබඳතා බිඳ වැටී ඇති බවයි ඔහු පැවසුවේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ දකුණු නාවික විධානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි පිරිසක්. නාවික හමුදාව මෙතෙක් ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී ඒ පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැත.