― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ඉවතට?

ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ඉවතට?

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහව එම තනතුරින් ඉවත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

සභාපතිවරයාගේ ධුර කාලය තුළ සිදුවූ වංචා හා දූෂණ රැසක් පිළිබඳ අනාවරණය වී ඇති කරුණු සලකා මෙම තීරණය ගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස පතල් කැණීමට අවසර ලබාදීම, රුපියල් බිලියනයක් පමණ වටිනා මැණික් මල්ලක් රාජසන්තක කර තිබියදී එය නීතිවිරෝධී ලෙස මුදාහැරීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා රැසක් ඔහුට එල්ල වී ඇති අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මගින් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.