― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

වෙළෙඳපොළේ මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහත වැටී ඇති බව කැබිනට් මධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

අද (18) පැවැති කැබිනට් තීරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

ඊයේ (17) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳව සාකච්ඡා කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ,අනුව නාඩු සහල් කිලෝවක මිල රුපියල් 220 සිට රුපියල් 165 දක්වාත්, සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 210 සිට 160 දක්වාත්, සීනි කිලෝවක මිල රුපියල් 375 සිට රුපියල් 275 දක්වාත්, පරිප්පු කිලෝවක මිල රුපියල් 685 සිට රුපියල් 398 දක්වාත්, තිරිඟු කිලෝග්‍රෑමයක මිල රුපියල් 395 සිට රුපියල් 275 දක්වාත් අඩු වී ඇති බවයි ඔහු පැවසුවේ.

මේ අතර කිරිපිටි මිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.