27.2 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුව කටින් බතල හිටවනවා - සජිත් ප්‍රේමදාස

ආණ්ඩුව කටින් බතල හිටවනවා – සජිත් ප්‍රේමදාස

පොහොර දෙනවා යැයි පවසමින් ආණ්ඩුව කටින් බතල හිටවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස කියා සිටියේ රටේ වී නිෂ්පාදනයෙන් හතරෙන් එකක් කෙරෙන්නේ නැගෙනහිර පළාතේ බවත් අනෙක් ප්‍රදේශවලට පෙර නැඟෙනහිර වී වැපිරීම කරන නමුත් වගා සඳහා අවශ්‍ය පොහොර සහ අනෙකුත් යෙදවුම් නිසි වෙලාවට නොලැබෙන බවයි.

නැගෙහිර ගොවීන්ට පහසුකම් දුන්නොත් බිඳ වැටුණු කෘෂිකර්මාන්තය නැවත නගා සිටුවීමට හැකියාව ලැබෙන බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වනවිට වී මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙන අතර ගොවීන් වී සඳහා ස්ථාවර මිලක් අපේක්ෂා කරන බවයි.