27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකාවෙන් මෙරටට වෛද්‍ය උපකරණ තොගයක්

ඇමරිකාවෙන් මෙරටට වෛද්‍ය උපකරණ තොගයක්

ශ්‍රී ලාංකිකයින්ගේ හදිසි වෛද්‍ය අව්‍යශතා සපුරා ගැනීමට උපකාර කිරීම සඳහා ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ.

ඊයේ (17) පානදුර මූලික රෝහලේදී ජුලී චංග් තානාපතිවරිය විසින් මෙම වෛද්‍ය උපකරණ තොගය බෙදා දී තිබේ.

රට පුරා රෝහල් සහ සායනවල සේවාවන්ට උපකාරී වන මේ උපකරණ අතරට ඊසීජී යන්ත්‍ර, මල්ටිපැරා මොනිටර්, ඩිෆිබ්‍රිලේටර් යන්ත්‍රයක්, ස්පයිනල් බෝර්ඩ්, ඉන්ෆියුශන් පොම්ප සහ ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු තවත් වෛද්‍ය උපකරණ ඇතුළත්ය.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමරිකානු තානාපති ජූලි චංග් මෙසේද පැවසුවාය.

එක්සත් ජනපදයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම හරහා පෙන්නුම් කෙරෙන්නේ අභියෝගාත්මක කාලයකට මුහුණ දෙන අපේ මිතුරා සහ හවුල්කරු වන ශ්‍රී ලංකාව කෙරෙහි අපේ ඇති සහයෝගයයි. මේ භාණ්ඩ, එනම්, ඩිෆිබ්‍රිලේටර් යන්ත්‍රයක් නොමැති රෝහලකට ලබාදෙන එම යන්ත්‍රය, තවත් රෝහලක මාරු කළයුතුව තිබෙන රුධිර පීඩන යන්ත්‍ර සඳහා අළුත් ඒවා ලබාදීම හරහා, රටපුරා සිටින වීරයින් වන වෛද්‍ය සේවා සපයන්නන්ට ශ්‍රී ලාංකිකයින් වෙත තවතවත් ජීවිත බේරාගන්නා වෛද්‍ය සේවා සැපයීමට හැකියාව ලබාදෙනු ඇති.