26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් සංස්ථා සේවකයින් අද ලෙඩ නිවාඩු

තෙල් සංස්ථා සේවකයින් අද ලෙඩ නිවාඩු

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (18) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් කොළොන්නාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල ඉන්ධන බෙදාහැරීම් මධ්‍යස්ථානවල තෙල් සංස්ථා සේවකයින් අද (18) දිනයේ අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට කටයුතු කර තිබේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමට බලපෑම් එල්ල විය හැකි බවයි ඛනිජ තෙල් පොදු සේවක සංගමය සඳහන් කළේ.