26.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔක්තෝබර් මාසයේදී සංචාරකයින් මෙරටට පැමිණීමේ වර්ධනයක්

ඔක්තෝබර් මාසයේදී සංචාරකයින් මෙරටට පැමිණීමේ වර්ධනයක්

ඔක්තෝබර් මස මුල් භාගයේදී මෙරය සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන දියුණුවක් සටහන් වී තිබේ. ඇත.

2022 ඔක්තෝබර් 01 සිට 16 දක්වා කාලය තුළ සංචාරකයින් 20,573 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

සතිපතා පැමිණීමේ දත්ත වලට අනුව ඔක්තෝබර් 1 වැනිදා සිට 7 වැනිදා දක්වා සංචාරකයින් 8,614 ක්ද, ඔක්තෝබර් 08 වැණිදා සිට 14 වැනිදා දක්වා සංචාරකයින් 9,125 ක්ද, ඔක්තෝබර් 15 සහ 16 දක්වා සංචාරකයින් 2,834 ක්ද පැමිණ ඇති බව එහි දැක්වේ.

ශ්‍රී ලංකාව සංචාරකයින් මිලියනයක් සමඟ වසර අවසන් කිරීමට ඉලක්ක කර ඇතත්, සංචාරක අමාත්‍යාංශය විශ්වාස කරන්නේ එය නරඹන්නන් 800,000 කින් පමණ වසර අවසන් වීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.