25 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙවර නත්තලට සැමරුම් උත්සව, සැරසිලි එපා - කාදිනල් හිමි

මෙවර නත්තලට සැමරුම් උත්සව, සැරසිලි එපා – කාදිනල් හිමි

එළැඹෙන නත්තල් දින සැමරුම් සහ සැරසිලි අත්හිටුවන්නැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලයි.

රටේ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර නත්තල් උත්සවයේදී පල්ලි සහ වෙනත් ස්ථාන අලංකාර කිරීමට මුදල් නාස්ති නොකරන ලෙස ඉන්වහන්සේ සඳහන් කළේය.

කාදිනල් හිමිපාණන් මේ බව පැවසුවේ කොළඹ ශාන්ත තෙරේසා දේවස්ථානයේ පැවති ආගමික වතාවත් අතරතුරදීය.

රටේ වත්මන් තත්ත්වය තුළ බොහෝ දෙනා කුසගින්නේ සිටින බැවින් දුප්පතුන්ට ආහාර ලබාදීම මෙවර නත්තල් උත්සවයේ අරමුණ විය යුතු බව උන්වහන්සේ එහිදී පවසා තිබේ.