― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවසන්තගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනයට අවසර

වසන්තගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනයට අවසර

තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම නීතිවිරෝධී යයි ප්‍රකාශකරන මෙන් ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් ඉදිරිපත්කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අවසර ලබා දුන්නා.

පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම නඩුකරයට අදාළව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති විරෝධතා තුළින් තවත් වගඋත්තරකරුවන් පිරිසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව ඔවුන් ද මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා අදාළ පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට එකඟ වූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම ඉල්ලීම පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම් සංශෝධනය කිරීමට අවසර ලබා දුන්නා.

එමෙන්ම එම සංශෝධනවලට අදාළව යම් විරෝධතා ඇත්නම් ඒවා ද ගොනුකරන ලෙසයි නීතිපතිවරයාට නියෝග කළේ.

සංශෝධිත පෙත්සමේ අලුතින් වගඋත්තරකරුවන් ලෙස නම් කරන පුද්ගලයින් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා.

අතර පෙත්සම යළි සලකාබැලීම සඳහා නොවැම්බර්10 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළා.