32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදීර්ඝ කාලීන ණයක් සඳහා රුසියාව සමඟ සාකච්ඡා

දීර්ඝ කාලීන ණයක් සඳහා රුසියාව සමඟ සාකච්ඡා

ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් දීර්ඝ කාලීන ණයක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව රුසියානු රජය සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව මොස්කව්හිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ රුසියාවේ සිටින ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක්වූ ශ්‍රී ලංකාව න තානාපති – මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය විසින් මෙවැනි අසීරු අවස්ථාවේදී ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට එවැනි ණය මාර්ගයක් ලැබීමේ වැදගත්කම අවධාරණය කළ බවයි.

මෙම සාකච්ඡාවට රුසියානු රජය වෙනුවෙන් එරට නියෝජ්‍ය මුදල් ඇමති – Maksimov Timur මහතාද, ශ්‍රී ලංකාවේ සිටින රුසියානු තානාපති – Levan Jagaryan මහතා හා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වී ඇත.

ඉදිරි මාස කිහිපය තුළ තරඟකාරී මිලකට ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් ඉන්ධන සැපයීම සඳහා මෙම ණය පහසුකම් පහසුකම වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.