28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalතමාගේ බෑනා තමාගේම ව්‍යවස්ථාවෙන් ජනාධිපති වේ යැයි ජේ. ආර් සිතන්න නැතුව ඇති

තමාගේ බෑනා තමාගේම ව්‍යවස්ථාවෙන් ජනාධිපති වේ යැයි ජේ. ආර් සිතන්න නැතුව ඇති

තමාගේ බෑනා ඡන්දයෙන් පැරදී තමාගේම ව්‍යවස්ථාවෙන් ජනාධිපති වේ යැයි ජේ. ආර් නිකමටවත් සිතන්නට නැතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ව්‍යවස්ථාව හදා අවුරුදු 44කට පසු ජේ. ආර්ගේ බෑනා මහ මැතිවරණයෙන් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් අගමැති වී ජනාධිපති වූයේ ව්‍යවස්ථාව නිසා බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

මෙවැනි විකෘති අනාගතයේ ඇති නොවන ආකාරයට පැලැස්තර ඇලවීමකින් ඔබ්බට ගොස් රටේ ජනතාවට පක්ෂපාතී ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගන්නට සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.