29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණිට විදෙස් ගිණුම් ඇත්දැයි සොයා CIDයෙන් විමර්ශන

තිළිණිට විදෙස් ගිණුම් ඇත්දැයි සොයා CIDයෙන් විමර්ශන

මෙරට සුපිරි ධනවතුන් රවටා කෝටි ගණන් මුදල් වංචා කර රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින තිළිණි ප්‍රියමාලිට විදෙස් ගිණුම් ඇත්දැයි සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ සම්බන්ධයෙන් මහබැංකුවට සම්බන්ධව ඇති වෙනම ඒකකයක් මඟින් විමර්ශන ක්‍රියාත්මක කරන බවයි.

මේ වන විට තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා යැයි පවසන ඉසුරු බණ්ඩාර නොවැම්බර් 02 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත් කර තිබේ. ස්ථානීය පරීක්ෂණ කිහිපයක් සඳහා ඉදිරියේදී තිළිණිව තවත් ස්ථාන කිහිපයක් වෙත රැගෙන යාමටද නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ සෝදිසි වරෙන්තු මත සැකකාර තිළිණි ප්‍රියමාලිට අයත් වත්තල පිහිටි නිවසක්, කිරුළපන පිහිටි නිවාස සංකීරණයක 12 වැනි මහලේ නිවසක් මෙන්ම ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සහ කොළඹ චැතම් වීදියේ පිහිටි ගොඩනැගිල්ලක ව්‍යාපාර ස්ථාන දෙකක් පරීක්ෂාවට ලක් කළ බවයි.