26.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල යළි ඉහළට?

විදුලි බිල යළි ඉහළට?

පසුගිය අගෝස්තු මාසයේදී විදුලි බිල සියයට 75කින් ඉහළ දමනු ලැබීය.

එහෙත් විදුලිබල මණ්ඩලයට තවත් බිලියන 12කට වැඩි පාඩුවක් විඳීමට සිදුව ඇති බැවින් යළිත් විදුලි බිල වැඩි කිරීම කෙරෙහි අවදානය යොමුව ඇති බව ආරංච්මාර්ග සඳහන් කරයි.

පෙරේදා (20) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ජාතික සභාවේදී කියා සිටියේ බිලියන 12ක් පමණ වන මෙම පාඩුව මගහරවා ගැනීමට නම් විදුලි බිල නැවත වරක් ඉහළ දැමිය යුතු බවයි.

ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජාතික සභාව වෙත කැඳවා විදුලිබල අර්බුදය ගැන සිදු කළ සාකච්ඡාවේදී නැවත වරක් විදුලි බිල ඉහළ දැමීම කෙරෙහි අවදානය යොමුව තිබේ.