28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඛනිජතෙල් සංස්ථාවේ නීති තද වෙයි

ඛනිජතෙල් සංස්ථාවේ නීති තද වෙයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ මින් ඉදිරියට සේවක රැස්වීම් පැවැත්වීම සඳහා මානව සම්පත් හා පාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගෙන් පූර්ව අවසරය ලබාගත යුතු බවට දැනුම් දී තිබෙනවා.

මානව සම්පත් කළමනාකාරවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රාජකාරී වේලාව තුළ සේවක රැස්වීම පැවැත්වීම, සාමූහිකව ඔබමොබ යමින් රැස්වීම් පැවැත්වීම, කාර්යාලයෙන් කාර්යාලයට රාජකාරි නොවන කටයුතු සඳහා යාම සම්පූර්ණයෙන්ම තහනම් අර ඇති බවයි වාර්තා වන්නේ.

සාමූහිකව හා කුඩා කණ්ඩායම් රැස්වීම හේතුවෙන් සංස්ථාවේ රාජකාරී කටයුතුවලට බාධාවක්වේ නම් අංශ ප්‍රධානියා විසින් ඒ බව ආරක්ෂක අංශයට දැනුම් දිය යුතු බවයි මානව සම්පත් කළමනාකාරවරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

හදිසි රැස්වීම් විසිරවීමට ආරක්ෂක අංශයට බලතල ලබාදී ඇති අතර, ආරක්ෂක අංශයට එය පාලනය කළ නො හැකි නම් පොලිස් ස්ථානය දැනුවත්කර අත්‍යවශ්‍ය සේවාවක් වන ඉන්ධන සැපයීම හා බෙදාහැරීම අඛණ්ඩව පවත්වා ගත යුතු බව ද දන්වා තිබෙනවා.