28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමගේ කාලේ මෙච්චර අර්බුදයක් තිබුණේ නැහැ - මෛත්‍රීපාල සිරිසේන

මගේ කාලේ මෙච්චර අර්බුදයක් තිබුණේ නැහැ – මෛත්‍රීපාල සිරිසේන

මම ජනාධිපති ධුරය දරන කාලයේදී කිසිදු බේදයකින් තොරව ලෝකයේ සියලුම රටවල් ශ්‍රී ලංකාවට උදවු කළ බවත් පසුගිය වසර තුනක කාලය තුළ ගනු ලැබූ තීන්දු තීරණ ජනතාව අතර මෙන්ම රජය තුළද දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට සමත් වූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පොළොන්නරුවේ පැවති උත්සවයකට එක්වෙමිනි.

අපි හැමවේලේම ආණ්ඩුවට මේ ප්‍රශ්න කථාකරනවා ජීවන වියදම, බඩු මිල,‌ බෙහෙත් හිඟය. මේ කරණු හැමවේලේම කියනවා. නමුත් ආණ්ඩුවත් බරපතළ ආර්ථික අමාරුකමක ඉන්නේ, නමුත් අන්තර්ජාතික වශයෙන් මම ජනාධිපති ධුරය දරන කාලයේ කිසිම බේදයක් නැතුව ලෝකයේ සියලුම රටවල් අපිට උදව් කළා. යුරෝපයේ ද, අමෙරිකාවද, චීනයද, ඉන්දියාවද, රුසියාවද, ලෝකයේ අනෙක් රටවල් හැම එකක්ම අපිට උදව් කළා. ඒ මගේ විදේශ ප්‍රතිපත්තිය නිසා. මම සෑමකෙනෙක් එක්කම හොඳ යහපත් තත්ත්වයෙන් සම්බන්ධතා පවත්වාගෙන ගිය නිසා. ඉතින් පසුකාලිනව විශේෂයෙන් පසුගිය අවුරුදු 3 ඔබ තමුන්නාසේලා දන්නවා සිදුවුණ සිදුවීම් තුළ මේ රට අමාරුකම්වලට පත්වෙලා තියෙනවා.