27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ මිසූරි ප්‍රාන්තයේ පිහිටි පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය පිරිස අතර වෙඩික්කරුද සිටින බවයි. එලෙස වෙඩි තැබීම සිදුකර ඇත්තේ 19 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු එම පාසලේම ආදි සිසුවෙකි. පාසලේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් සහ කාන්තාවක් ප්‍රහාරයෙන් මියගිය අනෙක් දෙදෙනායි.

වෙඩි තැබීම සිදුවූ ගොඩනැගිල්ලේ දොරටු වසා තිබී ඇති අතර සැකකරු එම ගොඩනැගිල්ලට ඇතුළු වූයේ කෙසේද යන්න විමර්ශන ආරම්භ කර තිබේ. සැකකරු ප්‍රහාර එල්ල කරමින් සිටියදී ගිනි අවිය එක්වරම ක්‍රියා විරහිත වීම හේතුවෙන් ජීවිත රැසක් බේරුනු බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසයි.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් සැකකරුට වෙඩි තබා ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු පසුව මියගොස් තිබේ.