23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයෙන් විසි වී රියදුරු ජීවිතක්ෂයට

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයෙන් විසි වී රියදුරු ජීවිතක්ෂයට

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකින් ඉවතට විසි වී එහි රියදුරු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් කොස්ලන්ද ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බෙරගල – වැල්ලවාය මාර්ගයේ ඊයේ (24) සිදු වූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිකපොත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ පුද්ගලයා ත්‍රිරෝද රථයේ සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ ගමන් කරමින් සිටිය දී පපුව රිදෙන බව බිරිඳට ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව ඔහු ත්‍රිරෝද රථයෙන් ඉවතට ඇදවැටී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ රථය ඉදිරියට ධාවනය වී ගසක හා විදුලි රැහැනක ගැටී නැවතී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ත්‍රිරෝද රථයෙන් ඉවතට විසි වූ එහි රියදුරු තුවාල ලබා සිටිය දී වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ තැන්පත් කර ඇති අතර අද (25) දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.