33.9 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාවනැල්ලේදී බස්රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක්

මාවනැල්ලේදී බස්රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටී අද (25) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 40 දෙනෙක් පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වර්තා වන්නේ.

ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.