― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිවෙස් හිමියාගේ සිරුර කුණු වළකින් හමුවෙයි

නිවෙස් හිමියාගේ සිරුර කුණු වළකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් කසළ වළක තිබී සොයාගත් බව පොලිසිය පවසනවා.

මැල්සිරිපුර, රේස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් පසුගිය 13 වනදා සිට අතරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ, අනුව මැල්සිරිපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ නිවස අවට ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී කසළ වළක තිබී අදාළ පුද්ගලයාගේ සිරුර ඊයේ (24) සොයා ගැනීමට හැකිව ඇති බව සඳහන්.

පොලිසිය පැවසුවේ මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේ දී එය රෙදි කඩකින් වැනි දෙයකින් ඔතා තිබූ බවයි.

මෙලෙස මියගොස් සිටි පුද්ගලයා 69 වන වියේ පසුවූ අයෙක් වන අතර, ඔහු නිවසේ තනිව ජීවත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ නිවසේ සේවය කිරීම සඳහා වයස අවුරුදු 43ක පමණ පුද්ගලයෙක් මීට මාස තුනකට පමණ පෙර පැමිණ ඇති අතර, ඔහු ද නිවස තුළ ගෙළවැලලාගෙන සිටිය දී පෙරේදා (23) හමුව තිබෙනවා.

මෙම සැකකටයුතු මරණයන් අතර සම්බන්ධතාවක් ඇද්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

කසළ වළේ තිබියදී සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) දිනයේ දී සිදු කිරීමට නියමිතයි.