27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාල කැලේ වැඩ දැමූ 07කගේ වැඩ තහනම්

යාල කැලේ වැඩ දැමූ 07කගේ වැඩ තහනම්

යාල ජාතික වනෝද්‍යානය තුළ වාහන භාවිත කරමින් නීතිවිරෝධීව කටයුතු කිරීමට අනුබල දුන් එහි සෆාරි මඟ පෙන්වන්නන් හත් දෙනෙකුගේ වැඩ තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන ඇති බව වාර්තා වනවා.

සේවය අත්හිටුවීමෙන් පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද පවත්වන බවයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් සඳහන් කළේ.

සංචාරකයින් අතින් වන සතුන්ට පීඩාකාරී හැසිරීමක් සිදුවේ නම් නිලධාරීන්ට ඊට මැදිහත්වීමට හෝ ඉහළ නිලධාරීන්ට දැනුම් දීමට හැකියාව තිබුනත් මෙම සිද්ධියේ දී ඔවුන් එවැනි කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර වනෝද්‍යානය වන සතුන්ට හිරිහැර වන අයුරින් කටයුතු කළ එම පිරිසට එරෙහිව නීතීමට පියවර ගන්නා බව වනජීවී දෙපාර්තමේන්තුව ඊයේ (24) සඳහන් කළා.