26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට පිළිකා ඖෂධවල හිඟයක් - පිළිකා ඒකක වැසීයාමේ අවදානමක්

මෙරට පිළිකා ඖෂධවල හිඟයක් – පිළිකා ඒකක වැසීයාමේ අවදානමක්

මේ වනවිට දිවයින පුරා රෝහල්වල පිළිකා රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ වර්ග 15ක හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදින්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් දිවයින පුරා රෝහල්වල පිළිකා ඒකක වැසීයාමේ අවදානමක්ද පවතින බව එම සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න අවධාරණය කළේය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (25) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙරටට ඖෂධ වර්ග 383 ක අවශ්‍යතාවක් පවතින බවත් ඉන් 150ක්ම ගබඩා තුළ නොමැති බවත්ය.

කෙසේවෙතත් ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 14 ප්‍රමාණවත් පරිදි රට තුළ පවතින බව ඔහු අවධාරණය කළේය.