― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'සුරංගනීට මාළු ගෙනාවා' ගයමින් හමුදාවෙන් මෝදිට සංග්‍රහයක්

‘සුරංගනීට මාළු ගෙනාවා’ ගයමින් හමුදාවෙන් මෝදිට සංග්‍රහයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දීපවාලි උත්සවය නිමිත්තෙන් කාර්ගිල් හමුදා කඳවුරේ සංචාරයක නිරත විය.

මේ අතරතුර ඔහු තමිල්නාඩුවේ සිට පැමිණි සොල්දාදුවන්ට රසකැවිලි ලබා දෙමින් දීපවාලි සුබ පැතුම් බෙදා ගත්තේය.

අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම දැකීමෙන් සතුටට පත් යුද හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ‘සුරංගනීට මාළු ගෙනාවා’ ගීතය දෙමළ සහ සිංහල ගී පදවලින් ගායනා කරමින් සිය උද්යෝගය ප්‍රකාශ කළහ.