27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර සංවිධානයෙන් මෙරටට ඖෂධ තොගයක්

නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර සංවිධානයෙන් මෙරටට ඖෂධ තොගයක්

නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ආරම්භක සභාපති පූජ්‍ය නේපාලයේ මෛත්‍රී හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 100 කට අධික වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

ජාත්‍යන්තර සිංහ සමාජ 306 C 2 බලංගොඩ සිංහ සමාජයේ ඉල්ලීම පරිදි පරිත්‍යාග කරන ලද මෙම ඖෂධ තොගය බලන්ගොඩ මුලික රෝහල වෙත බාරදීම මෙහිදී සිදු කෙරිණි.

සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර, වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඉරේෂා පතිරගේ යන මහත්ම මහත්මීහු සහ ජාත්‍යන්තර සිංහ සමාජ 306 C 2 හිටපු සිංහාධිපති ලසන්ත ගුණවර්ධන, ඒ පී ජගත්චන්ද්‍ර, ඩබ්.කේ.එන් විජේසුරිය, සුනිල් ඔබේසේකර, සිංහ සමන් කුමාර හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු සාමාජකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.