25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalගෝඨාභයගේ ආරක්ෂාවට ප්‍රභූ ආරක්ෂක අංශයේ 226ක් යොදවලා?

ගෝඨාභයගේ ආරක්ෂාවට ප්‍රභූ ආරක්ෂක අංශයේ 226ක් යොදවලා?

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා ප්‍රභූ ආරක්ෂක අංශයේ පමණක් පුද්ගලයන් 226ක් සේවයේ ‌යොදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරාල මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අද (28) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් 6,000ක් පමණ ඉන්නවා. මේ 6,000න් විශාල පිරිසක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවලා තියෙනවා. මේ රටේ ගොඩක් දෙවල්වලට වගකියන්න ඕන හිටපු ජනාධිපතිවරයාට ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් දෙපාර්තමෙන්තුවෙන් විතරක් 226ක්.

ඔහුට හමුදාවේ ආරක්ෂාව තියෙනවා. විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව තියෙනවා. එක පැත්තකින් පොලිස්පතිවරයා කියනවා 4,000ක් ලෙඩවෙලා ඉන්නවා කියලා. අනිත් පැත්තෙන් කියනවා 16,000ක් විශ්‍රාම යනවා කියලා. අපි ඕන කැපකිරීමක් කරන්න සූදානම්. අපි කියන්නේ මේ 4,000ට සේවා කාලය ලබාදීමේ අයිතියක් තිබෙනවා.

ඔවුන් ලෙඩ වෙලා ආවද, එහෙම නැතිනම් පොලීසියට බඳවා ගද්දි ප්‍රශ්නයක් තිබුණද, පොලීසියේ ක්‍රියාකාරකමක් තුළ ඔවුන් ආබාධ තත්ත්වයට පත් වුණාද, පොලීසියට ආවම ස්ට්‍රෙස් එක වැඩි වෙලා සීනි, දියවැඩියාව, බෝ නොවන රෝග හැදුනද කියලා දන්නේ නෑ. මේ 4,000 අද සේවයෙන් ඉවත් කරන එක නෙවෙයි කතාව. මේ 4,000ට සේවය කරන්න අවස්ථාවක් ලබාදීලා අඩුම ගානේ තෝරාගත්ත ක්ෂේත්‍රවල රාජකාරී කිරීමේ අයිතිය ලබා දෙන්න