29 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් කාර්යාලයෙන් ජල සහ විදුලි බිල්පත් ගෙවීමේ ගාස්තුවත් ඉහළට

තැපැල් කාර්යාලයෙන් ජල සහ විදුලි බිල්පත් ගෙවීමේ ගාස්තුවත් ඉහළට

තැපැල් කාර්යාල මඟින් ජල සහ විදුලි බිල්පත් ගෙවීමේ දී අය කරන ගාස්තුව ඉහල දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ජල සහ විදුලි බිල්පත් ගෙවීමේ දී අය කළ රුපියල් 5.00 මුදල රුපියල් 20.00ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ චක්‍රලේඛය සියලුම තැපැල් ස්ථානාධිපතිවරුන්ට මේ වනවිටත් යොමුකර ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේ.

දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් වියදම් ඉහළයාම හේතුවෙන් මෙම තීරණය ගත් තැපැල්පතිවරයා සඳහන් කළේ.

විදුලි බිල්පතක් සඳහා විදුලිබල මණ්ඩලය විසින් මිට පෙර තැපැල් දෙපාර්තමේන්තුවට 02%ක් ගෙවූ අතර, එය 01%ක් දක්වා මේ වන විට පහත දමා ඇති බව ද සඳහන්.