29.3 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියානු උපාධිධාරීන්ට ශ්‍රී ලංකාවේ රජයේ රැකියා

ඉන්දියානු උපාධිධාරීන්ට ශ්‍රී ලංකාවේ රජයේ රැකියා

රාජ්‍ය සේවයට ජනතාව ඇතුළත් කර ගැනීමේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් නව වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ඉන්දීය විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් උපාධිධාරී පත්වීම් සඳහා අන්තර්ග්‍රහණය කිරීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ඊයේ තීරණයක් ගෙන ඇති බව නිවේදනය කර ඇත.

පසුගිය යුධ ව්‍යසනයන් හේතුවෙන් අවතැන් වී කලක් ඉන්දියාවේ රැඳී සිටි, ඉන්දීය විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලබා උපාධි ලබා සිටි පිරිස් යුද්ධය අවසන් වීමෙන් පසු සිය ගම්බිම් බලා පිටත්ව ගොස් ඇත.