27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට යන්න ගිය රන්ජන්ව කටුනායකින් ආපසු හරවා එවයි

රට යන්න ගිය රන්ජන්ව කටුනායකින් ආපසු හරවා එවයි

ඇමරිකාව බලා යෑමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඔහුට එරෙහිව විභාගවන නඩු දෙකකටම අදාළව අධිකරණ මඟින් ගුවන් ගමන් තහනමක් පනවා තිබීම හේතුවෙන් ඔහුව මෙලෙස යළි හරවා එවීමටයි ආගමන විගමන දෙපාර්තමේන්තු නිළධාරීන් කටයුතු කර ඇත්තේ.

ඇමරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගීවීම සඳහා යෑමට රන්ජන් රාමනායක ඊයේ (27) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

කටාර් ගුවන් ගුවන් සේවයේ යානයකින් ඔහු ඩුබායි රාජ්‍ය වෙත ගොස් එතැනින් ඇමරිකාව වෙත යෑමට සැලසුම්කට තිබූ බව සඳහන්.