25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඩි 16ක් දිග පිඹුරෙක් කාන්තාවක් සම්පූර්ණයෙන්ම ගිලලා

අඩි 16ක් දිග පිඹුරෙක් කාන්තාවක් සම්පූර්ණයෙන්ම ගිලලා

රබර් වත්තක කිරි කපමින් සිටි කාන්තාවක පිඹුරකු විසින් සම්පූර්ණයෙන්ම ගිල ඇති පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වෙයි

ඉන්දුනීසියාවේ ජම්බි නැමැති පළාතේ මෙම සිදුවීම සිදු වී ඇති අතර ජහ්රා නැමැති 50 හැවිරිදි කාන්තාවක් මෙලෙස පිඹුරාට බිලි වී තිබේ.

පසුගිය ඉරිදා උදෑසන කිරි කැපීම සඳහා රබර් වත්තට ගිය ඇය රෑ බෝ වනතුරුත් නිවසට නොපැමිණීම නිසා ඇයගේ සැමියා ඇය ගැන සෙවීමට පියවර ගෙන ඇති අතර ඔහු ඇය කිරි කපන රබර් වත්තට ගොස් තිබේ.

එහිදී තම බිරිඳගේ ඇඳුමක් සහ කිරි කපන උපකරණ බිම වැටී තිබෙනු දුටු ඔහු මේ ගැන පොලිසියට දන්වා තිබේ. ඉන්පසු පොලීසිය විසින් අදාළ කාන්තාව සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

පසුදා ඔවුන්ට විශාල උදරයකින් යුතු පිඹුරකු දැකගන්නට ලැබී ඇති අතර
මෙම පිඹුරා ගැන සැක සිතූ ගැමියන් පිඹ්Uරා මරා පරීක්‍ෂා කිරීමේදී පිඹුරාගේ කුස තුළ තිබී කාන්තාවගේ මළ සිරුර හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම දැවැන්ත පිඹුරා අඩි 16 ක් (මීටර 5 ක්) පමණ දිගින් යුතුය.