27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවැස්ස නිසා ශ්‍රී ලංකාව තවත් පහළට

වැස්ස නිසා ශ්‍රී ලංකාව තවත් පහළට

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ අද (28) පැවැත්වීමට නියමිතව තිබූ එංගලන්ත ඕස්ට්‍රේලියා තරගයත් වර්ෂාව හේතුවෙන් අත්හැර දමන්නට සිදු වුණා.

තරගය පැවැත්වීමට නියමිතව තිබූ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමඟ කාසිය වාසිය පවා උරගා බැලීමට පවා අවස්ථාවක් හිමිවුයේ නැහැ.

මේ හේතුවෙන් දෙපිළටම එක් ප්‍රසාද ලකුණු බැගින් ලබා දීමටයි තීරණය කළේ.

මේ සමඟ එම කාණ්ඩයේ (01 කාණ්ඩය) ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට එංගලන්තයයට සහ ඕස්ට්‍රේලියාවට හැකියාව ලැබුණා.

ඒ, අනුව එංගලන්තය දෙවන ස්ථානය දක්වාත්, ඕස්ට්‍රේලියාව සිව්වන ස්ථානය දක්වාත් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණියා.

එත් සමඟ එම සටහනේ තෙවන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාවට සිදුවුණේ පස්වන ස්ථානය දක්වා පහළට පැමිණීමටයි.

මේ අතර එම කාණ්ඩයේම අද (28) දහවල් පැවැත්වීමට තිබූ ඇෆ්ගනිස්ථාන සහ අයර්ලන්තය අතර තරගය ද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුණා.

එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වනවිට තත්ත්වය පහතින්.