― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsප්‍රසිද්ධ සමාගමක නිෂ්පාදිත ෂැම්පුවල පිළිකාකාරක?

ප්‍රසිද්ධ සමාගමක නිෂ්පාදිත ෂැම්පුවල පිළිකාකාරක?

ප්‍රසිද්ධ සමාගමක් විසින් තම වියළි ෂැම්පු නිෂ්පාදන කිහිපයක් ආපසු කැඳවීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ පිළිකා කාරකයක් වන බෙන්සීන් (Benzene) අඩංගු විය හැකි බව වාර්තා වීමත් සමඟයි.

New York Times පුවත්පත සඳහන් කරන අන්දමට 2021 ඔක්තෝබර් මාසයට ප්‍රථම නිෂ්පාදනය කරන ලද Dove, Nexxus, Suave, TIGI හා TREsemme යන සන්නාම යටතේ වන Dry shampoo වර්ග පාරිභෝගිකයන්ට භාවිතා නොකරන ලෙසට ජනතාව වෙත දන්වා ඇත.

ඇමරිකාවට හා කැනඩාවට අදාළ වන ලෙස මෙම නිෂ්පාදන නැවත කැඳවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර යුනිලීවර් සමාගම පවසන පරිදි වෙළෙඳපොළේ ඇති එම සියලු නිෂ්පාදන රාක්කවලින් ඉවත් කිරීම සඳහා ද සඳහා ද පියවර ගෙන ඇත.

යුනිලීවර් සමාගමේ අභ්‍යන්තර පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මෙය ස්වෙච්ඡාවෙන් ආපසු කැඳවීම සිදු කරන බව යුනිලීවර් සමාගම තම ප්‍රකාශවල සඳහන් කර තිබේ. තවද මෙම ගැටලුව විසඳීම සඳහා සැපයුම්කරුවන් සමග කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇත.