― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමානව හිමිකම් කොමිසම අද තිහගොඩ යයි?

මානව හිමිකම් කොමිසම අද තිහගොඩ යයි?

ඊයේ (28) මාතර, තිහගොඩදී වෙඩි වැදී සිසුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එමෙන්ම මානව හිම්කම් කොමිසමේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ කණ්ඩායමක් අද (29) එම ස්ථානයට යාමට නියමිත බව වාර්තා වෙයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සිසුවා කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින අතර අදාළ සිසුවා ඊයේ රාත්‍රියේ ශල්‍යකර්මයකටද යොමු කර තිබේ.

මෙම සිද්ධියට අදාළව 57 හැවිදිරි උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ වැඩ තහනම් කර තිබේ.